Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that allows yourself to reach your full potential in Life, Business & Career


Success in Life, Business and Career

The Program that allows yourself to reach your full potential in Life, Business & Career

අපේක්ෂිත සාර්ථකත්වය හා කාර්ය සාධනය පිළිබඳ අතෘප්තිකර අරගලයක මැදි වූ, ව්‍යාපාරික, වෘතීයමය හා සාමාජීය වශයෙන් ක්‍රියාකාරී ඔබ සතු ,මෙතෙක් හඳුනා නොගත් අවාසිසහගත භාවිතාවන් හා මෙතෙක් අවධි නොකර ගත් විභාව්‍යතාවන් පිළිබඳ මීට පෙර කිසිම සාම්ප්‍රදායික වැඩසටහනකින් උකහා ගැනීමට නොහැකි වූ දැනුමක් හා අවබෝධයක් ප්‍රායෝගික වශයෙන් අත් විඳීමට හැකි වන වැඩසටහනකි. 

- Program #1 (One Day) -
ඔබට හිමි සබැ සාර්ථකත්වය, සෞභාග්‍යය හා සතුට කරා යන ඔබගේ ගමන සියුම් ලෙස වළකාලන සියලු සීමාකිරීම් පැහැදිලි ව හඳුනාගැනීම හා අරගල රහිත සුපැහැදිලි ඉදිරි ගමනකට දැනුවත් ව මුලපිරීම.

- Program #2 (One Day) -
ඔබ තුළ මේතාක් සැඟවී ගිය, සුවිශේෂී විභාව්‍යතාවන් අවධි කර අදියර 7 කින් යුත් දැවැන්ත සාර්ථකත්ව ක්‍රියාන්විතය දියත් කිරීම.

ශ්‍රී ලංකාවට ම ආවේණික විශේෂිත සමාජාර්ථික අභියෝග නිසි ලෙස වටහාගෙන අස්ථාවර හා අවුල්සහගත ආර්ථික හා දේශපාලන පසුබිමක් තුළ පවා සූක්ෂම ලෙස සාර්ථකත්වය කරා පියමැනීමට අවශ්‍ය මගපෙන්වීම ඔබට නොඅඩුව ලබාදීමට අප සූදානම්.

මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ඔබ ලබන මහඟු ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් වන්නට තවදුරටත් පහත විස්තර කියවන්න.

නැතහොත්, වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

The most of mega successful people often do things without their conscious thought when they succeed eventually. How does that sound to you?

ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් ව ඇති ලෝක ජනගහනයෙන් 3% ක් තරම් වූ මිනිසුන්, තම සාර්ථකත්වය සදහා තමා තුළ ස්වභාවයෙන් ම පැවතියා වූ හා නිරායාසයෙන් භාවිත කළ කුසළතාවන් පිළිබඳ සවිඥානක නැත.

එ නම්, දැනුවත් ව එම කුසළතාවන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඔවුන්ට නොහැකි බවයි. ඔවුන් සතු, ඔවුන් ව සාර්ථකත්වය කරා යාමට පහසුවෙන් ඉඩ සලසන එම කුසළතාවන් අනිවාර්යයෙන් ම ඔබ තුළ ද ඉතා හොඳින් පවතින බව සමහර විටෙක ඔබ නොදන්නවා විය හැකියි.

අතිශය සාර්ථකත්වයට පත් එම, මිනිසුන් බොහෝ විට ඔබට වඩා ඉහළ දක්ෂතා ඇති අය ද නොවේ. සමහර විටෙක ඔබට වඩා මහා බුද්ධිමතුන් ද නොවේ. ඔබ තරම් කැපවීමෙන්, වෙහෙස මහන්සි වී වැඩ කරන අය ද නොවේ. ඔවුන් වෙඩි දෙනෙක් අමුතු විශේෂ කුසළතාවන් රැසකට හිමිකම් කියන අය ද නොවේ. අප සැම දෙනා තුළ ම සැඟව පවතින, සාර්ථකත්වය කරා යාමට ඉතා පහසුවෙන් ඉඩ සලසන සමහර කුසළතාවන් 3% ක් වූ ඔවුන් තුළ නිරායාසයෙන් ම අවධි වී තිබීම ඔවුන් ගේ සාර්ථකත්වයට හේතුව බව හඳුනාගෙන ඇත.

ජීවිතයේ යම් අවස්ථාවක, යම් පැහැදිලි හා බලාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් එම දායාදය හිමි කරගෙන ඇති බව ඔබ නොදන්නවා විය හැකියි. අපගේ මෙම වැඩසටහනට සහභාගී වීමෙන් එම සුවිශේෂී තත්ත්වය පිළිබඳ ව, ඉතා සරල ව හා සවිස්තරාත්මක ව ඔබව දැනුවත් කෙරෙනු ඇත. එහි දී, අප හඳුනා ගන්නා ප්‍රායෝගික යථාර්තයන් වටහා ගැනීම පහසු කරවීම සඳහා පුද්ගලයෙකු ගේ කුසළතාවන් හා සාමාර්ථයන් හා බැඳුනු අවධීන් හා අදියර 4 ක් පිළිබඳ සරල න්‍යායාත්මක කරුණු පැහැදිලි කිරීමකට අපි යොමු වෙමු.

(1) අවිඥානක අකුසලතාවන් (Unconscious Incompetence)
ඔබ තුළ නොමැති කුසලතාවන් පිළිබඳ ව ඔබ නොදන්නා බවයි. ඔබ යමක් නොදන්නා බව ඔබා නොදන්නේ නම්, ඒය ඉතා ම ප්‍රාථමික තත්ත්වයක්. යම් දෙයක් සම්බන්ධ ව දක්ෂ නොවන බව, දුර්වල බව, අවබෝධය අඩු බව වටහා නොගැනීම කෙනෙකුගේ දියුණුවට ඇති මහත් බාධාවකි. තමා නොදන්නා බොහෝ දේ දන්නා බවට සිතා සිටීම නිසා, බොහෝ දේ වරද්දා ගැනීමත්, එවන් දේ අලුතින් ඉගනීමට යොමුවීමට හෝ, දන්නා වෙනත් අයගේ සහය ලබාගැනීමට යොමු නොවීම, අතිශය ප්‍රතිගාමී තත්ත්වයකි. තමාගේ දැනුම් හිඩැස පිළිබඳ නොදන්නා බව නව දැනුම ගොඩනැංවීමට මහත් බාධාවකි.

(2) සවිඥානක අකුසලතාවන් (Conscious Incompetence)
ඔබ තුළ නොමැති කුසලතාවන් පිළිබඳ ව ඔබ හොඳින් ම දන්නා බවයි. තමාගේ අදක්ෂතා සහ දුර්වලතා පිළිබඳ වෙටහීමක් තිබීම නිසා ඔබව ඉදිරියට ගෙනයාමට වඩාත් පහසු වන්නේය. අලුතින් ඉගනීමට, නව දක්ෂතා වර්ධනය කරගැනීමට හෝ අදාළ ක්ෂේත්‍රයන් පිළබඳ දැනුමැති අය ගේ, ඇසුර, උදව් හෝ සේවය ලබාගැනීමට යොමුවීමට අවස්ථාව ගොඩනැගේ. 

(3) සවිඥානක කුසලතාවන් (Conscious Competence)
ඔබ තුළ ඇති කුසලතාවන් පිළිබඳ ව ඔබ හොඳින් ම දන්නා බවයි. ස්වකීය දක්ෂතාවන් යොදා ගනිමින්, කාර්ය සාධනය කරගැනීමට මෙම අවධියේ දී දන්නා නමුත්, සාර්ථකත්වය පිණිස, හොඳ පුහුණුවක්, සිහියෙන් යුතු ව සිත මෙහෙයවීමත්, කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමත් බොහෝ විට අවශ්‍ය වන්නේ ය. විවිධ පුද්ගල සංවර්ධන වැඩසටහන්, නායකත්ව පුහුණු වැඩසටහන්වලට සහභාගී වූ, බොහෝ පොත්පත් කියවූ, කුසලතා, දක්ෂතා රැසක් උපයා ගත් බොහොමයක් දෙනා මෙම අවධිය තුළ රැඳී සිටින බව ඔබට වැටහ ගත හැකි වේවි.

(4) අවිඥානක කුසලාතාවන් (Unconscious Competence)
අතිශයින් සාර්ථක බොහොමයක් දෙනා තමා තුළ සැඟවුණු සියුම් දක්ෂතා හා කුසලතාවන් අවිඥානක ව භාවිත කරමින් තම සාර්ථකත්වයට ඉතා පහසුවෙන් සපැමිණි අය යි. ඔවුනට තම කුසලතාවන් මැනවින් යොදාගෙන පහසුවෙන් අවශ්‍ය දේ සාක්ෂාත් කරගැනීමට මනා පරිචයක් ඇත. ඉතාම දක්ෂ නර්තන ශිල්පියෙකු ගැන සිතන්න. ඔහු ගේ එම කුසලතාවන් පිළිබඳ කතා කරන බොහෝ දෙනා පවසන්නේ ඔහු ගේ හැකියාව ඉබේට ම එන එකක් බවයි. නැත්නම්, නර්තනය ඔහු ගේ ඇඟේ ම තියෙන එකක් බවයි. වෙනත් අයෙකුට එම දක්ෂතාව ඉතා වෙහෙස මහන්සි වී පුහුණු වීමකින් පවා සමහර විටෙක ළඟාකර ගත නොහැකි වන අවස්ථා ඕන තරම් ඔබ දැක ඇති. එම නර්තන ශිල්පියාගේ ආකර්ෂණීය ලාලිත්‍ය වෙනත් අයෙකුට ඉගැන්වීමට ඔහුට ම පවා නොහැකි බව පැහැදිලි යි. හේතුව, ඔහු ගේ දක්ෂතාව පිළිබඳ ඔහු ද සවිඥානක නොවන බැවින් ය. ඔහු තරම් දක්ෂ ආකර්ෂණීය නර්තන ශිල්පියෙකු නොවන හොඳ පුහුණුකරුවෙකුට මෙ වන් දක්ෂ ශිල්පීන් ඕන තරම් බිහි කිරීමේ හැකියාව ඇත. ඒ නව ශිල්පියෙකු තුළින් එම කුසලතාව මතු කොට ගැනීමේ නිවැරදි ක්‍රමවේදය එම පුහුණුකරු හොඳින් ම දන්නා බැවින් ය. ඒ බැවින්, ඔබ තුළ සැඟව ගිය ඒ සාර්ථක මිනිසා අවධි කර දීම අපගේ කාර්ය යි. නමුත් ඒ ඔබ අප පිළිබඳ ව යම් කිසි හෝ විශ්වාසයක් ඇති ව අප ගේ වැඩසටහනට සහභාගී වන්නේ නම් පමණි.  

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහන් දෙකකින් සමන්විත යි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින්  අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න. 

Request Support