Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that intensifies your sexual pleasure and electrifies your sensuality


Love and Relationships - Sexuality

The Program that intensifies your sexual pleasure and electrifies your sensuality

ඔබගේ ලිංගික ජීවිතයේ ප්‍රේමණීය උත්කර්ෂය වඩාත් තීව්‍ර හා ගැඹුරු ලෙස අත්විඳින්නට අවශ්‍ය කෙරෙන ශාරීරික හා මානසික තත්ත්වයන් පිළිබඳ නිවැරදි හා ප්‍රායෝගික උපදෙස් සරල ව හා පැහැදිලි ව වටහා දෙන ශ්‍රී ලංකාවේ දී පවත්වන මෙම වර්ගයේ පළමු වැඩසටහනයි.

තම ලිංගික ජීවිතය, වෙහෙසකර හා අතෘප්තිකර අද්දැකීමක් බවට පත් ව ඇති විවාහක යුවළකට දෙ දෙනා අතර ලිංගික ආකර්ෂණය සහ වින්දනීය භාවොද්දීපනය නැවත ගොඩනගා ගැනීම තුළින් අන්‍යොන්‍ය බැඳීම නැවත ශක්තිමත් කරගැනීමට මෙම වැඩසටහන කදිම අවස්ථාවකි. ශාරීරික හා මානසික වශයෙන් ජවසම්පන්න හා නීරෝගී ලිංගික ජීවිතයක් යනු සාර්ථක, ප්‍රීතිමත් ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය වූවක් බව මෙහි දී ඔබට වටහා හැකි ය. 

අනේකාකාර චමත්කාරජනක ශාරීරික උත්තේජනයන්ට ඔබේ ශරීරය කායික වශයෙන් දක්වන ආස්වාදනීය ප්‍රතිචාරයන්, ලිංගික වශයෙන් තෘප්තියට පත්වීමේ දී ඔබ අඩු වැඩි වශයෙන් මේ වන විටත් විඳිනවා විය හැකියි. උපරිම වශයෙන් ලිංගික ව තෘප්ප්තිමත් බව යනු දෙව් මිනිසුන් සහිත කාම ලෝකයන්හි දී ශාරීරික හා මානසික වශයෙන් පුද්ගලයෙකු හට ලෞකික වශයෙන් අද්විඳිය හැකි පරම සැපත ලෙස සැලකේ. එය හුදෙක් පසිඳුරන් පිණවීම තුළින් ලබන සාමාන්‍ය සන්වේදනීය අද්දැකීම් පරයා යන වින්දනයකි. එකිනෙකා කෙරෙහි ආදරණීය, ළබැඳි චිත්තවේග උපරිම වශයෙන් ප්‍රකාශ කිරීමට ගන්නා අප්‍රතිහත ප්‍රයත්නයේ දී, ප්‍රබල ආවේගයන් හා බැඳුණු ශක්තිය අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු වීම මෙහි දී සිදුවෙයි. තවදුරටත්, සියලු ආකාරයේ, ආතතීන්, සිත්තැවුල් හා භීතිකාවලින් මනස සම්පූර්ණයෙන් නිදහස් වී උපරිම ආස්වාදයට සිත පත් වන්නේය.

ඕනෑම නිරෝගී පුද්ගලයෙකු හට ලිංගික වින්දනය අවශ්‍ය වන අතර, ශරීරය හා මනස අවකාශයක් ලද වහා ම ලිංගික තෘප්තිය ඉල්ලා සිටියි. නමුත්, අවාසනාවන්ත කරුණ වන්නේ, උපරිම ලිංගික තෘප්තිය භුක්ති විඳීමේ මානසික වශයෙන් දුෂ්කරතා ඇති සහ ඒ සදහා අවස්ථාව නො ලබන බොහොමයක් දෙනා වත්මන් සමාජයේ දී අපට හමු වෙයි. බොහෝ විට, එසේ වන්නේ, බොහෝදුරට ශාරීරික හා මානසික වශයෙන් දුබලතාවයක් නිසා නම් නොවේ. ලිංගිකත්වය පිළිබඳ ඔවුන් තුළ ඇති නිවැරදි නොවන දැනුම, තමා විසින් ම තමාට ම පනවා ගන්නා ලද අනවශ්‍ය මනෝ මූලික සීමාකිරීම් හා වැළකී සිටීම් නිසා එසේ වන බවයි පැහැදිලි සත්‍යය වන්නේ.

මේ පිළිබඳ, තදින් සිතට ගෙන, මෙම වැඩසටහනේ දී අප ලබාදෙන නිසි දැනුම හා උපදෙස් පියවරෙන් පියවර අනුගමනය කිරීමන් ඔබටත් උත්කර්ෂවත් ලිංගික වින්දනයක් භුක්ති විඳීමේ වාසනාව හිමි වනු ඇත. තව ද, කාලයාගේ අවෑමෙන්, ලිංගික ආවේගයන් හීනවී යාම නිසා, ලිංගික ජීවිතය පෙරට වඩා දැන් අතෘප්තිකර වී ඇත්නම්, ඒ සඳහා ද සුදුසු ප්‍රයෝගික විසඳුම් අප මෙහි දී මැනවින් පහදා දෙනු ලැබේ.  

චිත්තවේගීය වශයෙන් සමතුළිත බව හා ශාරීරික වශයෙන් නිරෝගී බව ලිංගික ශක්තිය ඉතා හොඳින් අවධි කරගැනීමට අත්‍යවශ්‍ය හා අනිවාර්ය සාධක වේ. චිත්තවේගී සමතුලනය හා සැබෑ සතුට පිළිබඳ ව වෙන ම වැඩසටහනක් ද, සුවපත් ශාරීරික පැවැත්මක් සඳහා තවත් වැඩසටහනක් ද අප විසින් ඔබ සඳහා ලබා දීමට කටයුතු සූදානම් කොට ඇත. විස්තර සඳහා වෙබ් අඩවිය පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමු.

ශාරීරික හා මානසික වශයෙන් දුබලතාවයක් හෝ තාවකාලික කඩාවැටීමක් ඇත්නම් මිස, මෙම වැඩසටහනට සහභාගී වන ඕනෑම අයෙකුට , තම සහකරු හෝ සහකාරියට ශක්තිමත් ලිංගික පෞර්ෂයක් වීමට හැකි වන බව විශ්වාසයෙන් ඔබට දන්වා සිටිය හැකියි.

තම සහකරු හෝ සහකාරිය ගේ ශරීර ස්වභාවය හා විශේෂිත ශාරීරික ලක්ෂණ පිළිබඳ හරි හැටි වැටහීමක් නැති බව හෝ ඒ ගැන උනන්දු නොවීම හා ස්වකීය පසිඳුරන් ගේ සන්වේදනීය තීව්‍රතාව පිළිබඳ තක්සේරුවක් නොවීමත්, මෙම තත්ත්වයන් වර්ධනය කරගැනීමට උත්සාහ නොකිරීමත් බොහෝ විට ලිංගික වශයෙන් උපරිමයෙන් ක්‍රියාත්මක වීමට ඇති මහත් වූ බාධාවන් වේ.

ඔබ අතරින්, කී දෙනෙකුට තම සහකාරිය ගේ හෝ සහකරු ගේ ශරීර හැඩය, පැහැය, විශේෂිත ලක්ෂණ, සුවිසේෂිත පිහිටීම්, සන්වෙදනීය රුචි අරුචිකම් පිළිබඳ හොඳින් වැටහීමක් ඇත්දැයි ඔබම නිගමනය කරන්න. ඔබ ගේ සහකාරිය ගේ හෝ සහකරු ගේ ශාරීරික මානසික අවශ්‍යතා, රුචි අරුචිකම් පිළිබඳ වැටහීමක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රයෝගික අභ්‍යාස හා ක්‍රියා පිළිවෙත් මෙන් ම සන්නිවේදන ක්‍රමෝපායයන් පිළිබඳ ව අපි ඔබ ව මැනවින් දැනුවත් කරන්නෙමු.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support