Love and Relationships - For Couples
The Program that enlightens you to take your committed relationship to the next level or ignite the flame again
දැනටමත් විවාහක හෝ ප්‍රේම සබඳතාවක අද්දැකීම අඩු වැඩි වශයෙන් විඳින ඔබගේ බැඳීම උත්කර්ෂවත් ඊළඟ ගැඹුරු අවධිය කරා මෙහෙයවීමට අවශ්‍ය පූර්ණ අවබෝධය ලබාදෙන වැඩසටහනකි.
එකිනෙකා කෙරෙහි ගොඩනගා ගත යුතු අන්‍යොන්‍ය අවබෝධය, ආදරය, ගෞරවය හා භක්තිය වර්ධනය කෙරෙන පිළියම් හා පිළිවෙත් පිළිබඳ සියුම් වැටහීමක් ලබාගැනීමේ කදිම අවස්ථාවක් ඔබට ලැබෙනු ඇත. ඔබ දෙදෙනා අතර ආකර්ෂණය, ප්‍රේමය හා අනුරාගය අවධි කර නොබිඳෙන ස්ථාවර බැඳීමක ආස්වාදය අඛණ්ඩ ව රඳවා ගැනීමට අවශ්‍ය අවංක හා විශ්වසනීය උපායමාර්ග පිළිබඳ මෙහි දී වැඩි අවධානය යොමු කෙරෙනු ඇත.
තව ද, ඔබගේ සබඳතාව මේ වන විට පවතින්නේ ගැටුම්, අඬ දබර සහිත අවදානම් අවධියක නම්, වේදනාත්මක වෙන්වීමේ තීරණයකට එළඹීමට පෙර නිසි උපදේශන සැසියකට වහා ම යොමු වන්න. ඔබ ගේ ගැටුම්කාරී ස්වභාවය හා, ඊට මැදි වූ ඔබ හා ඔබ ගේ සහකරුවා හෝ සහකාරිය ගේ භූමිකාව පිළිබඳ නිසි වැටහීමකින් තොර ව ම ඔබ දෙදෙනා හදිසියේ ම වෙන්වීමට තීරණය කළහොත්, ඔබ ගේ ඊළඟ සබඳතාවේ දී ද මේ ආකාරයේ ගැටුම් තත්ත්වයන් ඉතා ඉක්මනින් ම ඇති වීමේ අවදානම ඉතාමත් වැඩි බව අපගේ අද්දැකීම යි. තත්ත්වය නිසි ලේස වටහා ගැනීමටත්, නිසි විසඳුම් කරා එළඹීමටත් අවශ්‍ය දැනුම ඔබට මෙම වැඩසටනේ දී නො අඩු ව ලැබෙනු ඇත. අදාළ සබඳතාවේ ස්වාභාවය අනුව, වෙන්වීම අත්‍යවශ්‍ය හා වඩාත් ප්‍රඥාගෝචර පියවරක් ලෙස පෙනී යන්නේ නම්, ඒ සඳහා යොමු විය යුත්තේ කෙසේ ද යන්නත් පිළිබඳ ව මැනවින් දැනුවත් වීමට මෙම වැඩසටහන කදිම අවස්ථාවක් වනු ඇත.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355