ICT For Business People
The Program that guides you to understand the most up-to-date essentials of ICT with all benefits and to learn how to use ICT effectively in business
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හෙවත් පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය පිළිබඳ ව එහි මූලිකාංග හා මූලධර්මයන් පිළබඳ ව නිවැරදි හා යථාර්තවාදී අවබෝධයක් මෙහි දී ලබා දෙනු ඇත. ඔබගේ ව්‍යාපාර ආයතනය තුළ සේවයේ නියුතු තාක්ෂණය හසුරවන්නන්, වඩාත් ඵලදායී ලෙස හා කාර්යක්ෂම ව අනුයුක්ත කිරීම සඳහා ඔබ මෙහි දී ලබන අවබෝධය අතිශය ප්‍රයෝජනවත් වන්නේ ය.
තව ද, පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය ව්‍යාපාරික වශයෙන් වැදගත් වන අයුරු හා එහි නිවැරදි භාවිතාවන් පිළිබඳ ව ද, වඩාත් යෝග්‍ය හා ප්‍රතිඵලදායී ලෙස සිය ව්‍යාපාර දියුණුව සඳහා අවබෝධයෙන් යුතු ව තාක්ෂණය යොදා ගැනීමට ද ඔබ බලගැන්වෙනු ඇත. විශේෂයෙන් ම බොහොමයක් අනවශ්‍ය වියදම් කපා හැරීමටත් , ලාබ උපරිම කරගැනීමටත් මෙම වැඩසටහන ඔබට උපකාර වෙනු ඇත.
මෙහි දී පරිගණක හා අන්තර්ජාල තාක්ෂණයේ නව ප්‍රවණතාවන් හා ව්‍යාපාරික මෙවලමක් ලෙස එහි එති ප්‍රබලත්වයත් පිළිබඳ, හුදු තාක්‍ෂණවේදීන් ගේ උපදේශනයන්ට එහා ගිය දැනුවත් කිරීමක් මෙහි දී ඔබ ලබනු ඇත. ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේස්ත්‍රය පිළිබඳ මන පරිචයක් හා අද්දැකීමක් නොමැති හුදු තාක්ෂණය ගැන පමණක් දන්නා ය ගේ උපදෙස් බොහෝ විට ප්‍රයෝගික නොවේ. තව ද, වර්තමාන ශ්‍රී ලංකාව තුළ මේ වන විට, නව තාක්ෂණය කොතරම් දුරට අදාළ වන්නේ ද, මෙරට සමාජ භාවිතාවන් තුළ සුක්ෂම ලෙස ව්‍යාපාරික මෙහෙයුම් සඳහා තාක්ෂණය යොදා ගත යුතු වන්නේ ද යන්න පිළිබඳ අපගේ වසර ගණනක අද්දැකීම් ඔබ සමග බෙදා හදා ගැනීමට අපි මෙහි දී සූදානම් ව සිටිමු.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355