Happiness and Joy
The Program that enables you to enhance your Emotional Intelligence and keep yourself happy all the time
සතුට, සංහිඳියාව හා නිදහස ඔබේ ජීවිතයේ ප්‍රමුඛත ම වටිනාකම් ලෙස ඔබට හැඟෙන්නේ නමුත්, දුක, කණගාටුව, සිත් තැවුල, පසුතැවීම ආදී අනේක විද චිත්ත පීඩාවන් ඔබගේ නිරන්තර අද්දැකීම් බවට පත්වන්නේ නම්, ඔබේ ජීවිතයට සැබෑ සතුට හා ආනන්දය නැවත ගෙන එන්නටත්, සුන්දර ජීවිතයක ආස්වාදනීය බව යාවජීව ලෙස අද්දකින්නටත්, මෙම වැඩසටහන ඔබට මහත් පිටුබලයක් වන බව අපට සහතික ව ම අවධාරණය කළ හැකි යි.
මුදල්, දේපළ, යානවාහන ආදී භෞතික සම්පත් කොතෙකුත් තිබියදීත්, ඔබ ජීවිතයෙන් නිතර ම ඉල්ලා සිටින, සැපය , සතුට, සාමය හා සැහැල්ලුව රිසි සේ විඳින්නට ඔබට නොහැකි වාතාවරණයක් තුළ, මිනිසෙකුට උපයාගත හැකි වටිනා ම ධනය සංතෘෂ්ටිය වන බවට දේශනා කළ බුදු වදන කොතරම් සත්‍ය දැයි මැනවින් පසක් වනු ඇති. කනස්සල්ල, කණගාටුව, සිත්තැවුල යනාදී කිනම් ආකාරයකින් හැඳින්වුව ද, මෙය ඔබගේ වටිනා ම ධනස්කන්ධය සොරකම් කරයි. ඇත්තෙන් ම මේ වනාහී ඔබ අනිවාර්යයෙන් ම ආරක්ෂා විය යුතු භයානක ම සොර දෙටුවා යි.
කණස්සල්ල ඔබගේ සැප නින්ද සොරකම් කරයි; එය ඔබේ සුවපහසුව සොරකම් කරයි; ශාරීරික සුවය සොරකම් කරයි; එය ඔබගේ රූපශ්‍රීය සොරකම් කරයි. එය ඔබගේ චිත්ත ශක්තිය හා ධෛර්ය එහෙම පිටින් ම සොරා ගනියි. ඔබ අන්ත අසරණ කරයි; ඔබ ව දුර්වලයෙකු කරයි; ආත්ම ශක්තිය හා ආත්මාභිමානය විනාශ කර දමයි.
තවත් විටෙක කනස්සල්ල යනු දරුණු ත්‍රස්තවාදියෙකු ලෙස ද ඔබ ව පීඩාවට පත් කරයි. එය ඔබ ගේ අභ්‍යන්තර සුරක්ෂිතතාව එහෙම පිටින් ම නැති කර දමයි. එය මානසික ආතතිය, වෙහෙස , පීඩනය හා බිය නිර්මාණය කොට ඔබ ගේ ආත්මය ඇතුළතින් ම විනාශ කර දමයි. දිගින් දිගට ම ඉඩ ලබා දුනහොත්, කණස්සල්ල පරාජ කිරීම සඳහා නිසි පියවර නොගතහොත්, සැබවින් ම කණස්සල්ල නමැති දරුණු ඇබ්බැහිය, සියලු ආකාර අන්‍ය පර පීඩකයන් ගේ ගොදුරක් බවට ඔබ ව පත් කරයි. ඔබගේ පාලනය ඔබට සම්පූර්ණයෙන් ම අහිමි කරයි. ඔබ කරන්නේ ඔබට කැමැති දේ බවට ඔබ ම හඬ ගා ලොවට කියන නමුත්, ඔබට කැමති ලෙස කිසිවක් සිදුවන්නේ නැත. නොයෙකුත් මත්ද්‍රව්‍ය, මත්පැන් ආදී හානිකර සහනාධාර වල පමණක් නොව, නොයෙකුත් එවන් ඇබ්බැහිකම්වලට වහලෙකු වී ඔබ ව සූක්ෂම ලෙස එ වන් අනිසි පුරුදු කරා මෙහෙය වූ පුද්ගලයන් ගේ ද ප්‍රාණ ඇපකරුවෙකු වීමට ඔබට සිදු වනු ඇත. මෙවන් අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඔබ දැනටමත් පත් ව ඇත්නම් හෝ තත්ත්වය එතරම් දරුණු වීමට පෙර හෝ ඔබ වහා ම නිසි පියවර ගත යුතු ම යි.
ඔව්..ඔබ වහා ම පියවරක් ගත යුතුයි. ප්‍රථමයෙන් ඔබ පත් ව ඇති මානසික අසමතුළිතතාව නිවැරදි ව වටහා ගත යුතුයි. තවදුරටත් ඔබ හා බැඳුනු අමිහිරි තත්ත්වයන් යුක්ති යුක්ත කරමින්, සාධාරණීකරණය කරමින් (ඒ මගේ හැටි; මම එහෙම තමයි; ඒ මම පුරුදු වෙලා තියෙන හැටි ආදී වශයෙන්) තව තවත් හැඟීම් යටපත් කරන්නට උත්සාහ කිරීමෙන් තත්ත්වය තව තවත් දරුණු වන බව වටහා ගත යුතුයි.
ඔබට තනි ව මෙය කළ නොහැකි නම්, මේ පිළිබඳ මනා වැටහීමක් ඇති කිසිවෙකුගෙන් නිසි උපදෙස් ලබාගෙන ඔබ ගේ හැඟීම් හා ආකල්ප රටාවන් පිළිබඳ නිවැරදි ව වටහා ගෙන, ප්‍රථමයෙන් පවතින තත්ත්වය ඒ ආකාරයෙන් ම පිළිගෙන, ඒ සඳහා නිසි පිළියම් වහා ම ක්‍රියාත්මක කළ යුතුයි.
සිත්තැවුල මුලිනුපුටා දමන්නට, අභ්‍යන්තර සුරක්ෂිතතාව නැවත ගොඩ නගන්නට, බිය සහ කනස්සල්ල පරාජය කරන්නට, ආතතිය තුරන් කරන්නට හිතන තරම් දරුණු අරගලයක් කළ යුතු නොවන බවත්, මැනවින් හඳුනා ගත් විට, ඉතා පහසුවෙන් එය කළ හැකි බවත්, විඳවන ජීවිතයක් වෙනුවට ජීවිතය සබැ ලෙස ම විඳින්නට, ඔබට කියා දෙන්න අපි සූදානම්. සුන්දර ජීවිතයක් හෙවත් හැම දේම හොඳින් සිදු වන, ඔබ කැමති දේ ඔබ කැමති ලෙස ඉටුවන ජීවිතයක් යනු සිහිනයක් නොව යථාර්තයක් ම බව ඔබට කියා දීමට අපි සූදානම්.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355
ධෛර්යයෙන් යුතු ව, නොපැකිලි ව තීරණක් ගන්න. ඔබ අද ගන්නා තීරණය, හෙට දිනයේ ඔබේ ජීවිතය වෙනස් කරන බවට නිසැක යි.