English for Business People
The Program that guides you how you can learn and improve your English yourself and to use the language effectively as a profitable business tool
දැනට ඔබ සතු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම දැනුම යොදාගනිමින් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වන්නේ කෙසේද යන්න හා ඉතා හොඳින් තම ව්‍යාපාරික ලිපි ලේඛණ සකස් කිරීම සඳහා ඔබට යොදා ගත හැකි විවිධ උපකාරක පිළිබඳ ව ද, ඉතාම කෙටි කලක් තුළ ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් අත්පත් කර ගැනීමට එදිනෙද ඔබට යොදාගත හැකි ඉතා පහසු නොමිලයේ ම ලබාගත හැකි උපකාරක හා පහසුකම් පිළිබඳ ව ද, විශේෂයෙන් ම ව්‍යාපාරික මෙවලමක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව සුදුසු පරිදි යොදාගැනීම පිළිබඳ ව ද, ආදී ඉතා ම වටිනා දැනුම් සම්භාරයක් ඔබට මෙම වැඩසටහනට සහභාගී වීමෙන් ලබා ගත හැකි වන්නේ ය.
මෙහි දී ඔබ ලබන අද්දැකීම හා දැනුම මාස ගණනක් ඉංග්‍රීසි භාෂා පන්තියකට සහභාගී වීමෙන් ලබන දැනුමට වඩා වටිනාකමින් වැඩි වන බව අවධාරණයෙන් සඳහන් කළ හැකි ය.
ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම, එදිනෙදා සාමාන්‍ය වැඩ කටයුතු අතරතුර දී ම, ඉතා පහසුවෙන්, විශාල වියදමක් නොකර, නිරායාසයෙන් කළ හැකි අයුරු ඔබට වටහා දීම අප ගේ උත්සාහය යි. ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම කිසි සෙත් ම දුෂ්කර නොවන බවත්, ඉතා පහසුවෙන්, අමතර වෙහෙසක් නොමැති ව කළ හැකි බව මෙම වැඩසටහනට සහභාගී වීමෙන් පසු ඔබ මැනවින් අවබෝධ කරගනු ඇත.
සහභාගී වන සියලු දෙනාට, ඉදිරියේ දී, අවශ්‍ය ඕනෑම විටෙක අප ගේ පහසුකම් සපයන්නෙකු ගේ සහාය ලබාගැනීමට ද, තවදුරටත් අවස්ථාව උදාකර ගත හැකිවනු ඇත.
එසේ ම ඉන් ඉක්බිති, ඔවුනට, මින් ඉදිරියට, ඉංග්‍රීසි භාෂාව යනු කිසිසේත් ම, ව්‍යාපාරික හා එදිනෙදා ජීවිතයේ දී, ගැටළුවක්, ප්‍රශ්නයක්, සාර්ථකත්වයට භාධාවක් නොවන බවට සහතික වශයෙන් ම, අවධාරණය කළ හැකිය.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355