Business and Finance - Startup
The Program that helps you transform yourself into an entrepreneur and then convert your business startup into a profitable business
ව්‍යාපාරිකයෙකු ලෙස ජීවිතය ජයගැනීමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම්, හා ව්‍යාපාර නිමිත්තක්, අවස්ථාවක් හෝ සැලැස්මක් ඇති ව හෝ නැති ව ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ සිතමින් සිටින්නේ නම්, මෙම වැඩසටහන ඔබ සදහා ම යි.
මෙතෙක් ඔබ හෝ ඔබේ දෙමව්පියන් මහත් පරිශ්‍රමයෙන් උපයා ගත් ධනය හෝ තම දේපළ ඇපයට තබා මූල්‍ය ආයතනයකින් ලබාගැනීමට නියමිත ණය මුදලක් හෝ තම ව්‍යාපාරික සිහිනය ජයගැනීමට උපයෝජනය කිරීමට පෙර අනිවාර්යයෙන් මෙම වැඩසටහනට සහභාගී වන්න. එය ලක්ෂ ගණනින් මුදල් ඔබට ඉතිරි කර දීමටත්, විය හැකි මූල්‍ය හානි උපරිමයෙන් අවම කර දීමටත් හේතු වන බවට විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකි යි.
ව්‍යවසායකයෙකු සතු අත්‍යවශ්‍ය ගුණාංග සමඟ නිවැරදි ව අනුයෝජනය වීම , ව්‍යාපාරික අදහසක් තුළ පැහැදිලි ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගැනීම, ඊට අනුගත ව ව්‍යාපාරික සැලැස්මක් සකස් කිරීම, එම සැලැස්ම ලාභදායී ව්‍යාපාරයක් ලෙස ගොඩනැංවීමට පෙර වෙළදපොල හා ශක්‍යතා අධ්‍යයනයන් කළයුතු ආකාරය හා වත්මන් ශ්‍රී ලාංකික හා ලෝක ආර්ථික, තාක්ෂණික ප්‍රවණතා අනුව විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණු ආදී ඉතා වටිනා දැනුම් සම්භාරයක් ඔබ වෙත ගෙන ඒමට අප මෙහි දී සැලසුම් කර ඇත.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355
We invite young as well as retired Sri Lankans to join this program and learn how you can start your own business even without prior knowledge or experience.