Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

සාර්ථක ව්‍යාපාරික සහයෝගිතාවයක් සඳහා ඔබට කෙරෙන ආරාධනය යි.

මම ඩී. එස්. වසන්ත ජයතුංග, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු, ව්‍යාපාර උපදේශකයෙකු, පුහුණුකරුවෙකු හා දේශකයෙකු ලෙස වසර 15 ක අද්දැකීම් සහිත ව්‍යාපාරිකයෙක්‌ වන වග ඔබ ගේ දැනගැනීම පිණිස සඳහන් කරමි.

මාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද පුද්ගල සංවර්ධන හා සාර්ථකත්ව උපදේශන හා පුහුණු ව්‍යාපාරික ආයතනයේ, කාන්තාවන් සඳහා විශේෂිත කටයුතු භාර ව කටයුතු කිරීමට සූදානමක් සහිත, ව්‍යාපාරික හවුල්කාරියක හා උපදේශකවරියක ලෙස කටයුතු කිරීමේ ලැදියාව ඇති, උගත් කාන්තාවක් සඳහා ගෞරවනීය අවස්ථාවක් පවතින බව සතුටින් දැනුම් දෙමි.

අදාළ උපදේශන කටයුතු පිළිබඳ ව සම්පූර්ණ හා ප්‍රායෝගික පුහුණුවක් ඔබට අප වෙතින් ලබා දෙන අතර, පූර්ණ කාලීන වශයෙන් ව්‍යාපාරික කටයුතු හා කැපවීමට කැමති, මෙම ක්ෂේත්‍රය පිළිබඳ සත්‍ය වශයෙන් ම උනන්දුවක් ඇති, මිනිසුන්ට උදව් කිරීමේ වුවමනාවක් ස්වභාවික ව ම තමා තුළ පවතින, යම් ආර්ථික හැකියාවක් ඇති, ව්‍යාපාරික මානසිකත්වයක් උරුම කොටගත් උගත්, බුද්ධිමත් කාන්තාවක් සඳහා මෙම අවස්ථාව ලබා දීම අප ගේ අපේක්ෂාව යි. 

අප ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අප ගේ වෙබ් අඩවිය හොඳින් පරිශීලනය කරන මෙන් මම ඉල්ලා සිටිමි. 

මෙම ආරාධනය ඔබට අදාළ නොවන්නේ නම්, කරුණාකර නොසලකා හරින්න. ඔබ මේ පිළිබඳ සැබෑ ලෙස ම උනන්දු වන්නේ නම් පමණක් වැඩිදුර විස්තර සඳහා නොපැකිළි ව අප අමතන්න. 071 697 8355

නැතහොත්, ඔබ ගේ තොරතුරු ඇතුළත් ජීව දත්ත විස්තරයක් අප ගේ විද්‍යුත් ලිපිනයට එවන්න.

ස්තූතියි,

විශ්වාසී,
ඩී. එස්. වසන්ත ජයතුංග
නිර්මාතෘ - ඉයුෆොරියා ලයිෆ්ස්ටයිල් කන්සල්ටන්ට්ස් ආයතනය