Empowering and Fostering you to get more of what you want.
ජීවිතයට වැඩි අරුතක් උදෙසා අපි ඔබ බලගන්වමු; දිරිගන්වමු.
You will be sincerely guided and empowered to recognize your own power and awaken the latent possibilities unused within you. Thus, you can gain more confidence in order to face any challenge whatsoever, overcome all your problems and eliminate your fear of failure and limiting beliefs by which you are currently governed by.
Our services are organized around 3 lifestyle achievement levels, focusing mainly on the development and upgrading of your Skills, Business, and Life (self). Each program we offer you is to be presented in 4 different modes of delivery. They are Training Workshops, Group Coaching Sessions, Individual Mentoring Sessions, and Online Lessons.
When you start at the very beginning, we guide you to do the right thing at the right time, at the right place in order to start successfully.
When you want not to get stuck in the middle of the game, we guide you to allow yourself to be the right person with your own full potential.
When you want to enjoy ultimate results at its best, we guide you to transform yourself to become the personality that you really want it to be.
ඔබට අවශ්‍ය දේ, අපේක්ෂිත අයුරින් ඔබේ ජීවිතයට ළඟාකර දීමට, ඔබගේ අපිරිමිත හැකියාවන් හා දක්ෂතාවයන්ට මේ තාක් හැකි වී තිබේ ද?
ඔබගේ වටිනා අද්දැකීම්, කැපකිරීම්, ප්‍රමාණයටත් වඩා වෙහෙස වී වැඩ කිරීම හා නොබිදෙන, නොසැලෙන උත්සාහය පිළිබඳ ව අපගේ හෘදයාංගම ගෞරවය ඔබට අනිවාර්යයෙන් හිමිවිය යුතු යි. එත්... ඔබේ අරමුණු, ඉලක්ක, බලාපොරොත්තු හා සාර්ථකත්වය පිළිබඳ ව ඔබ තවමත් අරගලයක නේද?
ඔව්... ඔබ හරි. ඔබගේ දැනුම හා අවබෝධය පිළිබඳව අපටත් ඉහළ ඇගයුමක් තියෙනව. ඔබගේ උසස් බුද්ධිය හා උගත්කම ගැන අපිත් ආඩම්බර වෙනවා. සාර්ථක වන අයුරු හරියටම දැනගන්න හිතාගෙන සාම්ප්‍රදායික වැඩසටහන් ගණනාවකට ඔබ සහභාගී වෙන්නත් ඇති. පොත්පත් රාශියක් දැනටමත් ඔබ කියවා අවසන් කරලත් ඇති. නමුත්, ඔබගේ අප්‍රතිහත ධෛර්යය හා සියලු වටිනාකම්වලට සරිලන ආකාරයේ සෞභාග්‍යයෙන් සපිරි ජීවිතයක් ළඟාකර ගැනීමට තවමත් ඔබට හැකි නොවූයේ මන් ද?
ඔබේ අපේක්ෂිත අරමුණු හා ඉලක්ක සිතැඟි පරිදි සාක්ෂාත් කරගැනීමට තවමත් නොහැකි වූයේ කළයුතු දේ ඔබ හරි හැටි නොදන්නා නිසාම නොවන බව අප ඉතා හොඳින් ම දන්නව. ඔබට එක වර ම මතුපිටින් පැහැදිලි ව හඳුනාගැනීමට නොහැකි වූ, ඔබේ සාර්ථකත්වය ඔබටත් නොදැනීම අවුරාලන හා සියුම් ලෙස වළකාලන නොයෙකුත් සීමාකිරීම්, විශ්වාසයන්, චිත්ත තත්ත්වයන්, හැඟීම් හා පුරුදු රටාවන් ඔබ තුළ සැඟවී පවතින බව ඔබ නොසිතුවා විය හැකි යි.
එසේ ම, ඔබව සාර්ථකත්වය කරා ඉතා පහසුවෙන් ගෙනයාමට ඉඩ සලසා දෙන ඔබ මෙතෙක් හඳුනා නොගත් ඔබ තුළ ම පවතින හැකියාවන්, සාමාර්ත්‍යයන් හා විභාව්‍යතාවන් අවධි කර ගැනීමට ප්‍රයෝගික හා ප්‍රතිඵලදායි මඟපෙන්වීමක් ඔබට මෙතෙක් නොලැබුනා විය හැකි යි.
මෙවන් පසුබිමක් තුළ, බොහෝ විට නොයෙකුත් ඊනියා ගුප්ත සාස්ත්‍රවේදීන් ගේ ගොදුරක් හෝ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්වීමේ අමිහිරි අවදානම අප නිතර අද්දකින තත්ත්වයක්. ඉච්ඡාභංගතත්වයේ සරදමට ලක් වීමෙන්, මෙ තෙක් පවත්වාගෙන ආ, ස්වකීය ආත්ම විශ්වාසය කෙමෙන් පහළ යන විට, තම අසාර්ථකත්වයට අදෘශ්‍යමාන, අභූත හේතු සාධක ආරෝපණය කරන්නට පෙළඹීම, තත්ත්වය තව තවත් අවුල්සහගත වීමට ප්‍රමුඛ හේතුව බව වටහා නොගැනීම ඉතාම කනගාටුවට කරුණක්.
මෙහි දී, අප ගේ ප්‍රවේශය වනුයේ, ඔබ ගේ කේන්ද්‍රීය අවධානය යොමුවිය යුත්තේ, සාර්ථක වනුයේ කෙසේ ද යන්නට වඩා දිගින් දිගටම අසාර්ථක වනුයේ අයි ද? යන්නට හේතු සාධක මතුකොටගෙන, ඒ සදහා නිශ්චිත හා පැහැදිලි පිළියම් සහ පිළිවෙත් ආදේශ කිරීමේ ක්‍රියාන්විතය වහාම ඇරඹීමයි.
තව ද, ශ්‍රී ලාංකික සමාජ ආර්ථික වාතාවරණයට ආවේණික වූ විශේෂිත අභියෝග මැනවින් හඳුනාගෙන, මොන තරම් අස්ථාවර ආර්ථික හා දේශපාලන පසුබිමක් තුළ පවා පහසුවෙන් ඔබගේ සාර්ථකත්වය කරා මෙහෙයවීමට, වඩාත් විශ්වසනීය හා හෘදයාංගම පහසුකම් සපයන්නෙකු වීමට අපට හැකි බව, අපි සතුටින් දැනුම් දෙමු.
Find us on Blogger
"Most real failures are due to limitations which men set up in their own minds."
- Napoleon Hill -